පළාතේ කොට්ඨාෂ අධ්‍යාපන අධ්‍යක්ෂවරු සදහා තෙදින නේවාසික පරිගණක පුහුණු වැඩසටහන

පළාතේ කොට්ඨාෂ අධ්‍යාපන අධ්‍යක්ෂවරු සදහා තෙදින නේවාසික පරිගණක පුහුණු වැඩසටහන

2011/06/27.28.29 යන දිනයන්හි පළාත් සම්පත් මධ්‍යස්ථානයේ පැවති පළාතේ කොට්ඨාෂ අධ්‍යාපන අධ්‍යක්ෂවරු සදහා තෙදින නේවාසික පරිගණක පුහුණු වැඩසටහන සාර්ථකව අද දින අවසන් කරන ලදි.අවසන් සැසියේදි තම පරිගණක මෙහෙයවමින් අන්තර්ඡාලය හා ඊ මේල් ලිපින සකසා ගනිමින් පුහුණු පිරිස තම හැකියාවන් ඉදිරිපත් කල අතර එම පුහුණු සැසිය සංවිධානය කල පළාත් තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධීනරණ නිළධාරී සහකාර පළාත් සැලසුම් අධ්‍යක්ෂ පුෂ්ප කුමාර මහතාවෙනුවෙන් මෙම සටහන තබන්නට සිතුනි.එම පුහුණුලාභීන් තෙදින ලබාගත් මෙම පන්නරය මගින් ඔවුන් සතු කුසලතා එක්කර අප පළාතේ දරැවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තම රාඡකාරීයේදී යොදගනු ඇතැයි අපේෂා කරමින් ඉදිරියේ මෙම විෂය හරහා විෂය සමගාමී වැඩසටහන් මගින් තොරතුරැ තාක්ෂණයේ නව පිබිදිමක් මගින් සමස්ථ පළාතේ දරැවන්ට දැනුමෙන් සපිරි හෙට දවසක් උදාවේනු ඇත.ඉතා උනන්දුවෙන් කැපවීමෙන් පළාතේ කොට්ඨාෂ අධ්‍යාපන අධ්‍යක්ෂවරු පුහුණුවේ යෙදීම දැකීම රටේ යහපත් අධ්‍යාපනික වෙනසක් දකින මාගේ ආත්ම තෘප්තියට හේතුවු වගයි. මෙම පුහුණු වැඩමුලුව සංවිධානය කරමින් උපරිම සම්පත් පුයෝඡනයට ගත් පළාත් තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධීනරණ නිළධාරී සහකාර පළාත් සැලසුම් අධ්‍යක්ෂ පුෂ්ප කුමාර මහතාටතව තවත් ධෛර්යය හා ශක්තිය පතනුයේ ඔබගේ කැපවීම මා ඉත සිතින් අගයන හෙයිනි. ඔබට සුභ දවසක්..................


දිලිප් කුමාර්
කලමණාකරු
කලාපීය පරිගණක සම්පත් මධයස්ථානය
කැබිතිගොල්ලෑව
0773961166
dilipcrc@gmail.com

Comments