විද්‍යාපිඨ ගුරුභවතුන් සදහා තෙදින නේවාසික පුහුණු වැඩසටහන


2011/06/27.28.29 යන දිනයන්හි පළාත් සම්පත් මධ්‍යස්ථානයේ පැවති විද්‍යාපිඨ ගුරුභවතුන් සදහා තෙදින නේවාසික පුහුණු වැඩසටහන සාර්ථකව අද දින අවසන් කරන ලදි.අවසන් සැසියේදි තම පරිගණක විද්‍යාගාර නැවත සවිබල ගන්වන යෝඡනාවලියක් පුහුණු පිරිස කණ්ඩායම් 04 ට බෙදී ඉදිරිපත් කල අතර එම යෝඡනාවලි පළාත් තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධීනරණ නිළධාරී සහකාර පළාත් සැලසුම් අධ්‍යක්ෂ පුෂ්ප කුමාර මහතාට ඉදිරිපත් කරන ලදි.එම පුහුණුලාභීන් තෙදින ලබාගත් මෙම පන්නරය මගින් ඔවුන් සතු කුසලතා එක්කර අප පළාතේ දරැවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවනු ඇතැයි අපේෂා කරමින් ඉදිරියේ මෙම විෂය හරහා විෂය සමගාමී වැඩසටහන් මගින් තොරතුරැ තාක්ෂණයේ නව පිබිදිමක් මගින් සමස්ථ පළාතේ දරැවන්ට දැනුමෙන් සපිරි හෙට දවසක් උදාවේනු ඇත.එය අපේ පරම යුතුකම වනු ඇත.


දිලිප් කුමාර්
කලමණාකරු
කලාපීය පරිගණක සම්පත් මධයස්ථානය
කැබිතිගොල්ලෑව
0773961166
dilipcrc@gmail.com

Comments