අන්තර් පාසල් සිංහල බ්ලොග්කරණ තරගාවලිය

සිංහල බ්ලොග්කරණ තරගාවලිය

පසුගිය 2010 වර්ෂයේ ආරම්භ වූ සිංහල බ්ලොග්කරණ තරගාවලිය මෙවරත් කැබිතිගොල්ලෑව නැණසල හා කලාපිය පරිගණක සම්පත් මධ්‍යස්තානය, අනුරාධපුර මහ නගර සභාව හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන අනුග්‍රහයෙන් සහ අනුරපුර සිංහල බ්ලොග්කරුවන්ගේ දායකත්වයෙන් පැවැත්වෙන බව ඔබට සතුටින් දන්වා සිටිමු.

මෙවර, සිංහල බ්ලොග්කරණ තරගාවලිය පසුගිය වර්ෂයේ ආකාරයෙන්ම අංශ තුනකින් පැවැත්වේ.

විවෘත අංශය
නැණසල අංශය
පාසල් අංශය

කොන්දේසි හා නීති රීති.

පොදු නීති රීති

තරගාවලිය වෙත ඉදිරිපත් වීමේ හැකියාව ඇත්තේ සිංහල භාෂා අන්තර්ගතයෙන් යුතු බ්ලොග් අඩවි වෙත පමණි.
බ්ලොග් අඩවිය හරහා වෙනත් පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය හානි කිරීම තහනම් වේ.
බ්ලොග් අඩවිය තුළ අසභ්‍ය වදන්, අසභ්‍ය ප්‍රකාශන සහ අසභ්‍ය ඡායාරූප පළකිරීම තහනම් ‍වේ.
වෙනත් මූලාශ්‍රයකින් පිටපත් කරගන්නා විට එම මූලාශ්‍රයන්ගේ තොරතුරු සඳහන් වීම අතශවශ්‍ය වේ.
වෙනත් පුද්ගලයින්ගේ නිර්මාණ තමන්ගේ නිර්මාණයක් ලෙස බ්ලොග් අඩවිය හරහා ඉදිරිපත් කිරීම බ්ලොග් අඩවිය තරගාවලියෙන් ඉවත් වීමට හේතු වේ.
තරගාවලිය පැවැත්වෙන කාලය තුළ තම බ්ලොග් අඩවිය තුළ තරගාවලියට ඉදිරිපත් වන අංශයට අදාළ ලාංඡන ඒ ආකාරයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු වේ.
ජීවත් වන හෝ මිය ගිය කිසිදු පුද්ගලයෙකුට අපහාසාත්මක වන අයුරින් බ්ලොග් අඩවියේ ප්‍රකාශන ඉදිරිපත් කිරීම තහනම් ‍වේ.
බ්ලොග් අඩවි‍ය වෙත ලැබෙන ප්‍රතිචාර කළමණාකරණය පිළිබඳ වගකීම ඔබ සතු වේ.
සිංහල බ්ලොග්කරණ තරගාවලියට බ්ලොග් අඩවි බාරගන්නා අවසන් දිනය 2011ක්වූ නොවැම්බර් මස 01වෙනිදා වේ. (2011/11/01)
ඉදිරිපත් වනු ලබන සියලු බ්ලොග් අඩවි පිළිබඳ වගකීම ඒ ඒ බ්ලොග් අඩවි දැරිය යුතු අතර ඒ සඳහා වගකීම කැබිතිගොල්ලෑව නැණසල හා කලාපිය පරිගණක සම්පත් මධ්‍යස්තානය විසින් බාරගනු නොලැබේ.
තරගාවලියේ විනිශ්චය පිළිබඳ අවසාන තීරණය විනිශ්චයකරුවන් සතුය.
බ්ලොග් අඩවි ඇතුළත්කරගැනීම පිළිබඳ අවසාන තීරණය සංවිධායක මණ්ඩලය සතුවේ.

විවෘත අංශය

විවෘත අංශය යටතේ ඕනෑම පුද්ගලයෙකුට සිංහල බ්ලොග්කරණ තරගාවලිය වෙත ඉදිරිපත් වීමේ හැකියාව හිමිවේ. වයස් බේදයක් නොමැත. ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම බ්ලොග් සංඛ්‍යාවක් තරගය සඳහා ඉදිරිපත් කළ හැක.
විවෘත අංශයේ සමස්ත බ්ලොග් සියල්ලම සලකා බලා “හොඳම බ්ලොග් අඩවිය” සම්මානය ප්‍රදානය කරනු ලබන අතර, සමූහයක් වශයෙන් ඉදිරිපත්වන බ්ලොග් අඩවි සඳහා “හොඳම සමූහ බ්ලොග් අඩවිය” සම්මානය ප්‍රදානය කරනු ලැබේ.

විවෘත අංශය යටතේ සම්මාන ප්‍රදානය කරනු ලබන වර්ගීකරණය පහත දැක්වේ.

හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය.
හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය.
හොඳම සාහිත්‍යමය බ්ලොග් අඩවිය.
හොඳම තාක්ෂණිකමය බ්ලොග් අඩවිය.
හොඳම කාලීන සිදුවීම් බ්ලොග් අඩවිය.
හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය.

පාසල් අංශය

ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී පවතින ඕනෑම පාසලකට සිංහල බ්ලොග්කරණ තරගාවලිය වෙත බ්ලොග් අඩවි ඕනෑම ප්‍රමාණයක් තම පාසල නියෝජනය කරමින් ඇතුළත් කිරීමේ හැකියාව ඇත.
තම පාසල නියෝජනය කරමින් එම පාසලේ සිසුවෙකුට හෝ එම පාසලේ ශිෂ්‍ය සංගමයකට බ්ලොග් අඩවි‍ ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.

නැණසල අංශය

ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී පවතින ඕනෑම නැණසල ආයතනයකය සිංහල බ්ලොග්කරණ තරගාවලි වෙත බ්ලොග් අඩවි ඕනෑම ප්‍රමාණයක් තම පාසල නියෝජනය කරමින් ඇතුළත් කිරීමේ හැකියාව ඇත.

තරගාවලියට ඇතුළත් වීමේ පියවර.

ප්‍රථමයෙන් ‍සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ඉදිරිපත් වන අංශයට අදාළ ලාංඡන තම බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කරමින් තමා තරගාවලිය ඉදිරිපත් වන බව සහතික කළ යුතුය. (අදාළ ලාංඡන මෙම වෙබ් පිටුව හරහා ලබාගන්න)

ඉන්පසු ඔබ ඉදිරිපත් වන අංශයට අදාළ පෝරමය පුරවා සිංහල බ්ලොග්කරණ තරගාවලියට ඇතුළත්වන්න.

විවෘත අංශයට අදාළ ඇතුළත්වීමේ පෝරමය.
නැණසල අංශයට අදාළ ඇතුළත්වීමේ පෝරමය.
පාසල් අංශයට අදාළ ඇතුළත්වීමේ පෝරමය.

ඔබගේ පෝරමය අප වෙත ලැබීමෙන් අනතුරුව අප විසින් පැය විසිහතරක් ඇතුළත ඔබව ඇතුළත් කරගනු ලැබූ බවය ඔබ වෙත දන්වනු ඇත.

සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ ඕනෑම ගැටලුවක් සඳහා, අප අමතන්න. 077-3961166 දිලිප් කුමාර්

Comments