ITDLH

 

තොරතුරු තාක්ෂණ සහ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය (ITDLH) නැවත විවෘත කිරීමේ උත්සවය අනුරාධපුර.

***********************************************************************************

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් කලක් දිවයින පුරා කලාප මට්ටමින් පිහිටුවා තිබූ කලාපීය තොරතුරු තාක්ෂණ සම්පත් මධ්‍යස්ථාන සියල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ තොරතුරු තාක්ෂණ දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථාන ලෙස සවිබල ගැන්වීම 2021 වර්ෂයේ ආරම්භ කරන ලදී. ඒ යටතේ සියළුම මධ්‍යස්ථානවල අලුත්වැඩියා කටයුතු සිදු කර පරිගණක ඇතුළු සියලූ උපාංග ලබාදීම සිදුකෙරිණි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් උපාලි එම් සේදර මහතාගේ මගපෙන්වීම යටතේ එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිල් ගුණදාස මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දේව බන්දු මහතාගේ උපදෙස් මත මෙම සියලු කාර්යයන් සිදුවිය. උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මියගේ උපදෙස් මත තොරතුරු තාක්ෂණ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පර්සි ජයසුන්දර මහතා විසින් පළාත තුළ මෙම කාර්යයන් සඳහා අවශ්‍ය මග පෙන්වීම සිදු කරන ලදී. අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත අප කලාපයේ තොරතුරු තාක්ෂණ භාර අධ්‍යාපන අධ්‍යක්ෂ රාජ් රේණුසියස් මහතා විසින් මෙම මධ්‍යස්ථානයේ අලුත්වැඩියා කටයුතු අධීක්ෂණය කරන ලදී.

මෙසේ අලුත්වැඩියා කටයුතු සිදුකර පරිගණක ඇතුළු උපාංග ලබාදී තොරතුරු තාක්ෂණ දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථාන නමින් දිවයින පුරා පිහිටි සියලුම මධ්‍යස්ථාන විවෘත කිරීම 2022 මාර්තු මස නවවන දින පෙරවරු 10:30 ට මාර්ගගත ලෙස සිදුවිය. ඒ අනුව අනුරාධපුර තොරතුරු තාක්ෂණ දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය විවෘත කිරීම කලාප අධ්‍යක්ෂ මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කලාප කාර්යාලයේ අනෙකුත් අධ්‍යක්ෂ තුමන්ලාගේ හා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල ප්‍රධානීන්, විදුහල්පතිවරු, ගුරුභවතුන් හා සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.

මෙසේ අලුත්වැඩියා කටයුතු සිදු කර පරිගණක ඇතුළු නවීන උපාංග ලබාදීමත් සමග මෙම මධ්‍යස්ථාන මඟින් මෙතෙක් සිදු කරන ලද කාර්යයන් ඉදිරියේදී වඩාත් කාර්යක්ෂම ලෙස ඉටුකිරීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව ඉදිරියේ දී පාසල් හැර ගිය අයවලුන් රැකියා අපේක්ෂිත පුද්ගලයින් හා රැකියාවල නියුතු වූවන් සඳහා සිදුකෙරුණ පරිගණක පාඨමාලාවන් වලට අමතරව ගුරු පුහුණු කටයුතු ද දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස ද වඩාත් පුළුල් කාර්යභාරයක් ඉටු කරමින් මෙම මධ්‍යස්ථාන මඟින් ප්‍රදේශයට ඉමහත් සේවාවක් සිදු වනු ඇත.

 












අනුරාධපුර අධ්‍යාපන කලාපයේ විද්‍යා ගුරුභවතුන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්විමේ වැඩමුලුව දෙවැනි දින








Comments