# What is hashtag? ‍මොකක්ද මේ හෑෂ් ටැග්?

# What is hashtag? ‍මොකක්ද මේ හෑෂ් ටැග්?

සමාජ ජාල ‍වෙබ් සේවා හා සන්නිවේදනය ගැන ඉගෙන ගන්න කොට ගොඩාක් වැදගත් තවත් යෙදුමක් තමයි මම මේ කතා කරන්ඩ හදන්නේ. පරිගණක විද්‍යාව පිළිබදව ප්‍රාමාණික දැනුමක් තියන අය නම් මේ කියන්න යන දේ ගැන දන්නවා. අනෙක් අතට සමාජ ජාල ඒහෙම නැත්නම් Social networks ගැන උනන්දුවක් තියන අය, ඒ භාවිතයන් පිළිබඳ යම් තාක් දුරට හරි ඉගෙන ගෙන තියන අයත් මේ කාරණය ගැන දන්නවා කියලා හිතනව. මේක බොහොම සරල වගේම වැදගත් දෙයක්. ඒ හින්දම මේ පිළිබදව ටිකක් දීර්ඝව කරුණු කියන්නයි බලාෙපාෙරාත්තු වෙන්නේ. අද මාතෘකාව හැටියට මං ගත්තේ මෙන්න මේ හෑෂ් ටැග් Hash tag කියන දේ. අහල තියනව නේද ‍මේ වචනේ? අහල නැතත් මෙන්න මේ ලාංඡනයනම් (#) ඔයාල අනිවාර්යෙන්ම දැකල තියනවා. අපි මේ ලාංඡනය එහෙමත් නැත්නම් Symbol එක දකින්නේ ගෙදර තියන ස්ථාවර දුරකතනයෙන්, පසු කාලිනව අපි හැමා්ෙගෙම අතට අාපු මොබයිල් ෆෝන් එකෙත් මේ ලකුණ දකින්ඩ පුලුවන්. ඉතින් මොකක්ද මේ ලකුණේ තේරුම? අැයි මේක දාල තියෙන්නේ? මොකද්ද මේකේ තියන වැදගත් කම? අන්න ඒ ගැන කියන්න තමයි මේ ලිපිය ලියන්නේ. හැබැයි ෆෝන් ඒකේ මේක තියෙන්නේ අැයි කියල නම් නෙමේ... සමාජ ජාල වල එහෙමත් නැත්නම් අපි කවුරුත් සුලබව පාවිච්චි කරන අන්තර්ජාලයේ් (Internet) මෙය පාවිච්චි වෙන හැටි...
මොකද්ද මේ හෑෂ් ටැග්? what is this hash tag?



A word or phrase preceded by a hash mark (#), used within a message identify a keyword or topic of interest and facilitate a search for it”
“ඉගි පදය මගින් ඉතා ඉක්මනින් සොයා ගත හැකි වන පරිද සකස් කරන ලද හෑෂ් ලකුණ පෙරමු‍ණේ තබා ලියන ලද වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් හෑෂ් ටැග් එකක් ලෙස හැදින්විය හැකිය”
මේ හෑෂ් ලකුණ මුලින්ම යොදාගෙන තියෙන්නේ පරිගණක වල පාවිච්චි වුන ක්ෂුද්‍ර බ්ලොග් (micro blogging) අඩවි වල භාවිතා වන භාෂාවක් හැටියට. කොහොම නමුත් පසු කාලීනව මිනිස් වර්ගයා අතර සීග්‍රයෙන් පැතිරී ගිය ජනප්‍රිය වෙච්ච සමාජ ජාල තුළටත් මේක අැවිත් තියනවා. මේ ලකුණ භාවිතා කරල සමාජ ජාල වල ගොඩක් වැදගත් දෙයක් කරන්න පුලුවන්. මේ සලකුණට පවුම් සයින්ග් (Pound sign) කියලත් කියනවා. මේක මුලින්ම භාවිතා කරල තියෙන්නේ 1970 කියල තමයි අන්තර්ජාලයේ තියෙන්නේ. කොහොම නමුත් සමාජ ජාල වල මුලින්ම මේ සලකුණ භාවිතා කරල තියෙන්නේ 1997 Chris messina කියන මහත්මයා. ඒයාගේ ට්විටර් ඒකවුන්ට් (twitter account) එකේ. වර්තමානේ වෙන කොට නම් මේ සලකුණ බහුතරයක් සමාජ ජාල වෙබ් සේ්වාවල භාවිතා කරල තියනවා හැමෝම දැකල අැති. පහත දක්වල තියන හැම සමාජ ජාලයකම මේ සලකුණ භාවිතා කරනවා.
Twitter, Instagram, Facebook, Pinterest, Google+, Youtube, Tumbler, Fliker
උදාහරණ කීපයක් ගත්තොත් මෙන්න මේ වගේ් හෑෂ් ටැග් කීපයක් දක්වන්ඩ පුලුවන්.‪#‎SriLanka‬ ‪#‎iphone ‪#‎ValuetheVote‬ ‪#‎lka‬ ‪#‎news1st‬ ‪#‎thinkagain‬
මෙන්න මේ ටැග් ඔයාල හැම කෙනෙක්ම වාගේ් භාවිතා කරන ෆේස් බුක් සර්ච් බාර් ඒකේ් ටයිප් කරල සර්ච් කරල බලන්ඩ මොනවද දකින්ඩ ලැබෙන්නේ කියල. අදාල මාතෘකාවට අනුව ගොඩක් අය දාපු පෝස්ටු ඔයාට දකින්න පුලුවන් නේද? ට්ව්ටර් ගිණුමක් තියන අයෙකුට නම් මේක ගොඩක් හොඳට දැක ගන්ඩ පුලුවන්. දැන් ඔයාලට සරල තේරුමක් අැති මොකද්ද මේකෙන් කෙරෙන්නේ කියල. ඔයාල හිතන විදිහ හරි සරලව කිව්වොත් මේ හෑෂ් ටැග් වලින් කෙරෙන්නේ මාතෘකාවකට අදාල දේවල් එහෙම නැත්නම් කරුණු එක තැනකට ගෙනත් පෙන්වන එකයි (to organize data and make it easier for user consumption) කියල තමයි මේක ඉංග්‍රීසියෙන් කියනවනම් කියන්ඩ පුලුවන්. ඉතින් මෙන්න මෙහෙම මේ ටැග් එකක් දාලා පෝස්ට් එකක් හරි ස්ටේටස් එකක් හරි ලිව්වොත් කිසිම අපහසුවක් නැතිව යම් කරුණක් ගැන හොයන කෙනෙකුට ඉතාම ඉක්මනින් ඒක කරන්න පුලුවන්. තවත් උදාහරණයක් විදිහට ගත්තොත් සමාජය තුළ යම් කිසි කාලයක සිදු වුන හා සිදු වෙමින් පවතින යමක් පිළිබදව තොරතුරු ලබාගන්න මේ ටැග් භාවිතා කරන්න පුලුවන්. මේ ලඟදි සිද්ධ වුනු සාලාව අවි ගබඩාවේ බෝම්බ සිද්ධිය ගැන මිනිසුන් ඒක් කල තොරතුරු මෙන්න මේ ටැග් ඒක ‪#‎salawablast‬ භාවිතා කරල හොයා ගන්න පුලුවන්.
ඉතින් කොහොමද අපි මේ ටැග් එකක් දාල නිවැරදි විදිහට ‍පෝස්ටුවක් හරි යම් කරුණක් හරි ලියන්නේ? පිංතූරයක් පල කරන්නේ? මොනවද වැදගත් කරුණු? අන්න ඒ දේවල් තමයි දැන් කියන්න හදන්නේ. අපි හෑෂ් ටැග් එකක් දාල යමක් ලියනවනම් ඒ ටැග් ඒක අපේ පෝස්‍ටුවේ ඕනෑම තැනක භාවිතා කරන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාගේ වෝල් එකේ් දාන පින්තූරයක් වුනත් මේ විදිහට හෑෂ් ටැග් එකක් දාල පබ්ලිෂ් කරන්න පුළුවන්. නමුත් ඒ ටැග් එක සරල වගේම කෙටි වෙන්ඩ ඕන. මෙහෙම යොදා ගන්න ටැග් එකකට කිසිම විදිහකින් හිස් තැන් තියන්න බෑ. අනිත් වැදගත් දේ තමයි කිසිම සලකුණක් භාවිතා කරන්නත් බෑ. අකුරු හා ඉලක්කම් විතරයි භාවිතා කරන්න පුලුවන්. මෙන්න මේ විදිහට #SriLanka ‪#‎budget2016‬ ‪#‎love‬ ‪#‎mayday‬ #news1st. ඔයා හදන ටැග් එක කෙටි වෙනවනම් මිනිසුන්ට මතක තබා ගන්න ලේ්සි වගේ්ම භාවිතයටත් හැම අතකින්ම පහසුයි. ඒ හින්ද තමයි මේ කරුණ ගොඩක් වැදගත් වෙන්නේ. අනිත් වැදගත්ම දේ් තමයි ඉඟි පදය (key word)ඒකක් විදිහට මේ ටැග් එක භාවිතා කිරීම. ඒ කියන්නේ මෙන්න මේ විදිහට.
Apple #iphone video recording function is to be blocked at concerts why?
මෙතනදි අයි ෆෝන් කියන එක තමයි කී වර්ඩ් එක වෙලා තියෙන්නේ. ඉතින් අයි ෆෝන් එක ගැන තොරතුරු‍ හොයන ඕනම අයෙකුට මේ පෝස්ටුව ඉතාම පහසුවෙන් දැක ගන්න පුලුවන්. 
ඔන්න ඔය විදිහට තමයි මේ ටැග් භාවිතා කරල පෝස්ට් එකක් ලියන්නේ. නමුත් යාලුවනේ කියන්න කණගාටුයි සිංහල භාෂාව යොදාගෙන මේ වැඩ කරන්න ටිකක් අපහසුයි. බහුතරයක් අය සිංහල භාෂාව භාවිතා කරනව අඩු හින්ද ටැග් භාවිතය සිංහල පෝස්ට් එක්ක වැඩි වටිනාකමක් නැති වෙලා තියනවා. කොහොම නමුත් අපි සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම අපිට වැදගත්. දැන් කරන්ඩ ඕනෑ දේ් තමයි ටැග් දාල දාන්න මොනව හරි ලියල බලන එක. ඒ විතරක් නෙමේ මොනවද මේ හෑෂ් ටැග් කියල හරියට අදහසක් ගන්ට නැවත නැවත ඒව සෙවුම් කරල බලන්න.
ජනප්‍රිය හෑෂ් ටැග් යෙදුම් කිහිපයක්...
මූලාශ්‍රය - http://www.phorest.com/blog/wp-content/uploads/2015/03/most-popular.jpg
ඔයාල හිතනව අැති මොකටද ඉතින් මේ ටැග් දාල අපිට ඕන දේවල් ලියන්නේ කියල. අපේ ‍දේවල් වෙන අයට වැඩක් නෑනෙ කියල. නමුත් සමාජ ජාල වෙබ් සේවා වල ප්‍රධානම දෙයක් තමයි තොරතුරු සම්පාදනය, ජනතාව දැනුවත් කිරිම කියන දේ. ඔයාලගේ පෞද්ගලික දේ්වල් ලියන කොට මේ වගේ ටැග් එකක් දැම්මේ නැතිවට සමාජයට වැදගත් වන දෙයක්, ගොඩක් අයට බලන්න සුදුසු දෙයක් දානවනම් මේ ටැග් එකක් දාන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ... ඒකෙන් පුලුවන් අපිට ගොඩක් ග්‍රාහකයෝ අතරට යන්න. සමාජය දැනුවත් කරන්න. පුන්චි හරි යුතුකමක් සමාජය වෙනුවෙන් ඉටු කරන්න.
ඔයාලට මේ ටැග් සිද්ධිය ගැන යමක් තේරුම් ගන්න පුලුවන් වෙන්ඩ අැති කියල හිතනවා. නිකම්ම සමාජ ජාල පස්සේ දුවන, දකින දකින හැම දේම ෆොටෝ ගන්න, ටොයිලට් එකට ගියත් ස්ටේටස් අප්ඩේට් කරන, අතේ් තියන කීය හරි වියදම් කරල කාඩ් දාගෙන අන්තර්ජාලය දිහා බලා ඉන්න, අනුන් දාන හැම පෝස්ටුවකටම ලයික් දාෙගන යන, තමන්ගේ ජී‍විතේ ලයික් වලින් මනින්න උත්සාහ කරන තවත් ‍බොළඳ නූගත් සමාජ සත්වයෙක් වෙන්නේ නැතිව සමාජ ජාල භාවිතා කරල රට ලෝකය මනාව හදුනාගන්න, අපේ රට වගේ දුප්පත් රටක අනාගත පරපුරට, රටට, ‍සොබාදහමට, සතා සිවුපාවට අාදරය කරන වගකීමක් සහිත පුරවැසියෙක් විදිහට ජිවත් වෙන්න අපිට අාදරේ කරන අයට සතුටින් ඉන්න යහපත් ලෝකයක් ගොඩ නගන්න අපි හැමෝම අපේ දැනුම කුසලතා භාවිතා කරමු.... නිතරම දැනුම වර්ධනය කර ගනිමු... එක් අයෙක් තබන පුන්චි පියවරක් තමයි දිනයක දී මහා ගමනකට මුල පුරන්නේ. තරුණ ඔබ ලෝකය ‍වෙනස් කරන්න අතේ තියන ජංගම දුරකතනය භාවිතා කරන්න.. ඔබට ජය.....
ඔයාලට මේ ලිපිය කියවලා දැනුමක් ලැබුනනම් හොඳ හෝ නරක කියල කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා. තවත් මෙවන් තාක්ෂණික යෙදුමක් සමඟ නැවත හමුවෙන්නම්...

Comments