සමාජානුයෝජනය තුළින් ගොඩනැගෙන සමාජ භූමිකාව

සමාජානුයෝජනය තුළින් ගොඩනැගෙන සමාජ භූමිකාව

එදිනෙදා සමාජයේ ජීවත් වනවිට සමාජානුයෝජනය ක්‍රියාවලිය තුළින් අපි ජීවත් වන්නෙමු. එනම් සමාජානුයෝජනය යනු සමාජයට අනුගත වන අයුරින් හැසිරීමයි. එය ක්‍රම 3ක් ඔස්සේ සිදුවේ...
පළමුවැනි ක්‍රමය වන්නේ අනුකරණයයි.. එනම් කිසියම් පුද්ගලයෙකුගේ පරමාදර්ශී ගති ලක්ෂණ තමන්ට ආරෝපණය කර ගැනීමයි..

image source : alygeorges.wordpress.com


දෙවැනි ක්‍රමය ලෙස තදාද්මීකරණය හඳුන්ව‍යි... එහිදී ඉතා සමීපව ඇසුරු කරන පුද්ගලයෙකුගේ සියලු ගතිලක්ෂණ තමන්ට ආරෝපණය කර ගනියි..
භූමිකා නිරූපණය තුන්වැනි කරුණ වන අතර එමඟින් තමා සමීපව ඇසුරු කරන පුද්ගලයෙකුගේ භූමිකාව රඟපෑමට උත්සහ දරන බව පෙන්නුම් කෙරේ..


image source : news.islandcrisis.net
මේ සියලු කරුණු මඟින් සිදුවන්නේ පුද්ගල අවශ්‍යතා ඉටු කරගැනීම හා සමාජය පිළිගත් හැසිරීම් රටාවන්ට අනුගත වීමයි....

Comments