e - සාක්‍ෂරතාව යනු කුමක්ද?

e - සාක්‍ෂරතාව යනු කුමක්ද?

අද අපි තොරතුරු යුගයකට, දැනුම පදනම් වූ යුගයකට අවතීර්ණ වෙමින් සිටිමු. කාර්මික විප්ලවය නිසා කෘෂිකාර්මික සමාජය කාර්මික සමාජය බවට පරිවර්තනය වූ අතර අද සිදුවෙමින් පවතින තොරතුරු හා සන්නිවේදන විප්ලවය නිසා කාර්මික සමාජය නව තොරතුරු හා දැනුම පදනම් වූ සමාජයක් ලෙස වෙනස් වෙමින් පවතී.කාර්මික යුගයක දී අකුරු ලියන්නට කියවන්නට හැකියාවක් තිබීම වැදගත් වූ අතර එය සාක්ෂරතාව ලෙස හැඳින්වීය. එසේ පරිගණක හා ඉන්ටර්නෙට් තුළින් සංවර්ධනය යන දැනුම පදනම් වූ යුගයකට (e -යුගයකට) ගමන් කරමින් සිටින අපට සාම්ප‍්‍රදායික සාක්ෂරතාව පමණක් ප‍්‍රමාණවත් නොවේ. ඒ අනුව පරිගණක හා ඉනටර්නෙට් ආශ‍්‍රිත වූ දැනුම කුසලතා සහ ආකල්ප සමගින් වූ නව සාක්‍ෂරතාවන් ලබා ගැනීම අද අත්‍යවශ්‍ය වෙමින් පවතී. එය e- සාක්ෂරතාව ලෙස දැකිය හැක. මෙය හුදෙක් පරිගණක සාක්ෂරතාව (Computer Literacy ) නොවේ.මෙම e - සාක්ෂරතාව යටතේ අකුරු ලියන්නට, කියන්ට ඇති හැකියාව මූලික පසුබිමක් ලෙස උපකල්පනය කෙරේ. e-සාක්ෂරතාව යටතේ01. පරිගණකයන් භාවිතා කර එදිනෙදා පාසල් කාර්යාල කටයුතු කරගැනීමට හැකිවීම.02. Internet භාවිතා කිරීමට හැකිවීම.03. Email හාවිතා කිරීමට හැකිවීම04. තොරතුරු හා සංන්නිවේදන තාක්ෂණය(ICT)සංවර්ධනය සඳහා භාවිතා කිරීම (ICT 4D) පිළිබඳ දැනුම, කුසලතා හා ආකල්ප වලින් යුක්ත වීම.05. සන්නිවේදන මාධ්‍යක් ලෙස ඉංග‍්‍රිසි භාෂාව මූලික වශයෙන් භාවිතා කිරීමට හැකියාව තිබීම (මේ පිළිබඳ ශ‍්‍රී ලාංකිකයන් වන අපට විශේෂ උනන්දුවක් ගෙන කටයුතු කළ යුතු අතර ඒ සම්බන්ධව විවිධ මත පළ කෙරේ.)

Comments