පයිතන් වලින් මොනවද කරන්න පුළුවන් ?

පයිතන් වලින් මොනවද කරන්න පුළුවන් ? කියල. කරන්න පුළුවන් ජාති ගොඩක් තියනව.

සාමාන්‍ය පරිගනක වැඩසටහන්
වෙබ් අඩවිවලට CGI scripts
ASP,JSP වගේ වෙබ් ඩිවෙලොපින් වලදි PSP

1.සාමාන්‍ය පරිගනක වැඩසටහන්

සාමාන්‍ය පරිගනක වැඩසහන් හදන්න පයිතන් පාවිච්චි කරන්න පුළුවන්. පයිතන්
වලින් කරන programs run කරන්න ලේසියි. ලිනක්ස්ද, වින්ඩෝස්ද, මැක්ද කියල
flatform එකේ බාධාවක් නෑ. පයිතන් සපෝට් එක තියනවනම් රන් වෙනව. මේකෙ
විශේෂත්වය තමයි java, c, c++ වල වගේ නැතිව compile නොකර කෙලින්ම source
code එක run කරන එක. පයිතන් වලින් කරපු ගොඩක් ජනප්‍රිය වැඩසටහනක් තමයි
UCSC එකෙන් කරපු අකාරාදී කියන මෘදුකාංගය.

2.වෙබ් අඩවිවලට CGI scripts

සාමාන්‍යයෙන් ගොඩක් වෙබ් අඩවිවල CGI scripts පාවිච්චි වෙනවනෙ. මේකට ගොඩක්
පාවිච්චි වෙන්නෙ perl වගේ භාෂා. ඒ දේටම පයිතනුත් පාවිච්චි කරන්න පුළුවන්.
Apche web server එකේදිනම් හරිම ලේසියෙන් පයිතන් CGI සපෝට් එක හදාගන්න
පුළුවන්. IIS වලදිනම් කොහොමද කියන්න මම දන්නෙ නෑ. IIS වලදිත් පයිතන් CGI
scripts run වෙනවනම් දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න.

3.ASP,JSP වගේ වෙබ් ඩිවෙලොපින් වලදි PSP

Java JSP (java servlet pages), Microsoft ASP (active servelet pages)
වගේම PSP ඒ කියන්නෙ පයිතන් වලට python servlet pages කියලත් තියනව. මම ඒ
ක්‍රමයනම් තවම අත්හදි බලල නෑ. ඒ නිසා වැඩි විස්තරයක් කියන්න දන්නෙ නෑ.

මේ පයිතන් වලින් කරන්න පුළුවන් දේවල් කීපයක්. තව ගොඩක් දේවල් කරන්න
පුළුවන්. ඒ ගැනත් පස්සෙ කියනනම්.

Comments