.
හරි... මේ තියෙන්නෙ පරිගණකයේ මූලික ව්‍යුහය . අපි දැන් මේ පිලිබදව සාකච්ජා කරමු.





01.මධ්‍යම සැකසුම් ඒකකය (Central Processing Unit (C.P.U) :
මෙය මිනිසාගේ මොළයට සමාන කරන්න පුලුවන් කොම්පියුටරයේ කොටසයි. ඉහත Control Unit, Registers හා ALU යන කොටස් වලින් (C.P.U)එක සමන්විත වෙනවා. පරිගණකයට ලැබෙන දත්ත තොරතුරු බවට පත්කරන්නේ මේම (C.P.U)එක තුලිනුයි. මෙහි ප්‍රධාන කොටස් තුනක් දක්නට ලැබෙනවා. ඒවානම්,


I ) පාලන ඒකකය (Control Unit)
මේ මගින් පරිගණකයේ සියලුම දත්ත සැකසුම් හා උපාංග පාලනය වැනි කටයුතු සිදු කරනවා.


II ) ගණිතමය හා තාර්කික ඒකකය (Arithmetic & Logic unit)
දත්ත සැකසිමේදි සිදුවන ගණිතමය හා තාර්කික ක්‍රියාවලි මෙමගින් සිදුකරනු ලබයි.



III ) රෙජිස්ටර (Registers)
සැකසෙමින් පවතින දත්ත ගබඩා කර තබාගැනීම මෙමගින් සිදු කරනවා. මේවා ප්‍රධාන ප්‍රොසෙසරයේ මතක ගබඩා ලෙසත් හදුන්වන්න පුලුවන්





02. ආදාන උපාංග (Input Devices) :
සත්වයින්ට සිරුර තුල ක්‍රියාවලි සදහා විවිධ අමුද්‍රව්‍ය අවශ්‍යයි වගේම පරිගණකයටත් අවශ්‍ය වෙනවා. මධ්‍යම සැකසුම් ඒකකයේදි තොරතුරු බවට පත්වීමට අවශ්‍ය දත්ත මේවා මගින් පරිගණකයට ඇතුලත් කරගනු ලබනවා. ආදාන උපාංග වලට උදාහරණ විදිහට,

යතුරු පුවරුව (Key Board)
මූසිකය (Mouse)
මයික්‍රොෆෝන (Microphones)
කැමරා ( Camera)
පරිලෝකන යන්ත්‍ර (Scanners)
තැටි ධාවක යන්ත්‍ර (Disk Drives)
ස්පර්ශ සංවේදී පුවරු (Touch Pads) ආදිය හදුන්වන්න පුලුවන්.




ආදාන උපාංග කිහිපයක්





03. ප්‍රතිදාන උපාංග (Output Devices) :

මධයම සැකසුම් ඒකකයේදී සැකසෙන තොරතුරු පරිගණකය පරිශීලණය කරන්නාට ලබාදෙන උපාංග මේවායි. ප්‍රතිදාන උපාංග වලට උදාහරණ ලෙස,


මොනිටර (Monitors)
ස්පීකර (Speakers)
බහුමාධ්‍ය ප්‍රක්ශේපණ යන්ත්‍ර (Multimedia Projectors)
මුද්‍රණ යන්ත්‍ර (Printers) ආදිය හදුන්වන්න පුලුවන්.





ප්‍රතිදාන උපාංග කිහිපයක්





04. ප්‍රාථමික මතකය (Primary Memory) :

සසම්භාවී ප්‍රවේශ මතකය ( Random access memory - RAM ) නමින් හදුන්වන මෙය තුල මධ්‍යම සැකසුම් ඒකකයේ සකසන තොරතුරු තාවකාලිකව ගබඩා කරනු ලබනවා. මෙම මතකය මිනිසාගේ සිතුවිලි වලට සමාන කරන්න පුලුවන්. සිතුවිලි හරියට ධාරණය කරගත්තෙ නැත්නම් මතකයේ රැදෙන්නෙ නැ. ඒ වගේම මෙම ප්‍රාථමික මතකයේ පවතින තොරතුරු ස්ථීර මතකයකට ( Secondary Storage) ගබඩා කලේ නැත්නම් නැවත පණගැන්වුමකදි (restart) නැති වී යන්න පුලුවන්.




RAM Card





05. ද්වීතියික / ස්ථීර මතකය ( Secondary Storage) :
මිනිසාගේ මතකයට මෙය සමාන කරන්න පුලුවන්. ප්‍රාථමික මතකයේ පවතින තොරතුරු ස්ථීර මතකයකට ගබඩා කරගැනීමෙන් අවශ කාලයක් රදවාගන්න පුලුවන්. මේවාට උදාහරණ ලෙස,
දෘඩතැටි (Hard Disks)
සංගත තැටි ( Compact Disks)
ෆ්ලොපි තැටි (Floppy Disks)
ෆ්ලැශ් ධාවක (Flash Drives) ආදිය හදුන්වන්න පුලුවන්.




ස්ථීර ගබඩා උපාංග කිහිපයක්.

Comments