How to start blogging make free blogspot blog (in Sinhala) සිංහලෙන්

 

How to start blogging make free blogspot blog (in Sinhala) සිංහලෙන්


How to make free blog blogspot


බ්ලෝග් එකක් පවත්වාගෙන යාම දැන් කා අතරත් ජනප්‍රිය කටයුත්තකි.ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයට පිවිස නොමිලේ බ්ලෝග් එකක් ආරම්භ කර පවත්වාගෙන යාමට හැකියාව පවතී.බ්ලෝග් එකක් වෙබ් සයිට් එකකට ඉතා සමාන වන නමුත් එය ඉතා පහසුවෙන් කිසිදු වියදමකින් තොරව පවත්වාගෙන යා හැකියි.ඒ වාගේම එයින් මුදල් උපයාගැනීමටද ක්‍රම රාශියක් පවතී

Blogging is a very famous hobby in nowadays.Anyone can publish new blog freely on the internet.A blog is very similar to websites but you can create a blog without any cost or technical knowledge.And also there are many ways to earn from your blogs

නොමිලේ බ්ලොග් එකක් ලිවීමට පහසුකම් සලසන විවිධ සේවාවන් අන්තර්ජාලයෙන් සොයා ගත හැක.මේ අතරින් වඩාත් ජනප්‍රිය හා භාවිතයට පහසුම බ්ලොග් සේවාවන් ලෙස Google Blogspot හා WordPress හදුන්වාදිය හැක.මේ අතරිනුත් භාවිතයට ඉතා පහසුම සේවාව වන Blogspot භාවිතා කර පහසුවෙන් බ්ලොග් එකක් ආරම්භ කරන ආකාරය අපි මේ ලිපියෙන් ඉගෙනගනිමු.

There are number of free blogging tools on the internet.You can simply google for ‘free blogging tools’.However, we can introduce Google Blogspot and WordPress as the most famous and easy to use blogging tools.In this article, we are going to learn how to create simple Google Blogspot blog.


අවශ්‍ය මොනවාද? ( What do we need? )

  • ගූගල් සේවාවන් ලබා ගැනිමටනම් අනිවාර්යයෙන් ගූගල් ගිණුමක් අවශ්‍ය බව ඔබ හොදින්ම දනී.දැනට ගූගල් ගිණුමක් නැති නම් How to create an email account ලිපිය කියවා ගිණුමක් සදා ගන්න.
  • You already know that you need a Google Account for their services.If you do not have a Google account please read How to create an email account

මුලින්ම ගූගල් ගිණුමට ලොග් වී ගූගල් බ්ලොගර් වෙත පිවිසෙන්න. Go to Blogger

First, log in to your Google account and then Go to Blogger

How to make free blog blogspot

 

එහි ඉහල වම් පැත්තේ ඇති New Blog මත ක්ලික් කරන්න.

Click on New Blog in the upper left side

දැන් ඔබට ඔබේ බ්ලොග් එක සදහා මාතෘකාවක් සහ එහි වෙබ් ලිපිනය සැකසීමට අවශ්‍ය වේ.ඔබ සැකසීමට යන බ්ලොග් එකට අදාලව මාතෘකාවක් සහ වෙබ් ලිපිනයක් තෝරා ගන්න.උදාහරණයක් ලෙස ඔබ තරබාරු පුද්ගලයන්ට කෙට්ටු වන ආකාරය ගැන කියා දීමට බ්ලොග් එකක් සෑදීමට බලාපොරොත්තු වනවා නම් Title සදහා Reduce your weight with good health habits  වැනි ඊට ගැලපෙන මාතෘකාවක් සහ healthtipstandlife.blogspot.com වැනි සුදුසු හා කෙටි ලිපිනයක් තොරාගන්න.වෙබ් ලිපිනය තෝරාගැනීමේදී එය ඉදිරියෙන් එම ලිපිනය දැනටමත් වෙන අයෙකු භාවිතයට ගෙන තිබෙනවාද නැද්ද යන්න දැකගත හැක.

ඉන්පසුව සුදුසු Theme එකක් තොරා Create Blog මත ක්ලික් කරන්න.ඔබට අවශ්‍ය පරිදි Theme එක පසුව මාරු කර ගැනීමට හැකියාව පවතී.

Now you have to select a title and a web address for your blog.Select something suitable to your blog according to what you are going to write.As an example, if you are going to write about reducing weight select a title like  Reduce your weight with good health habits and an address like healthtipstandlife.blogspot.com.You can see whether it has taken or not by someone when you type your web address.

Then select a suitable theme for your blog and click on Create Blog.You can change your theme later.

How to make free blog blogspot select address

දැන් ඔබේ බ්ලොග් එක නිර්මාණය වී ඇත මීලගට කල යුත්තේ එයට අලුතින් ලිපි ඇතුලත් කිරීමයි.ඔබට අවශ්‍ය නම් theme එක මාරු කිරීම බ්ලොග් එකට අලුතින් පිටු ( Pages ) එකතු කිරීම වැනි කටයුතු සිදු කිරීමටද හැකියාව පවතී ඒවා පිලිබද හොදින් විස්තරාත්මක ලිපි ඉදිරියේදී ඔබට කියවීමට හැකිවේ.බ්ලොග් පිළිබද ලිපි මාලාවකින් ඒ පිළිබද තොරතුරු ඔබට ලබා දීමට අපි බලාපොරොත්තු වෙන් සිටී

අලුතින් ලිපි ඇතුලත් කිරීමට වම් පසින් ඇති ලයිස්තුවෙන් Post වෙත ගොස් Create a new post මත ක්ලික් කරන්න.දැන් ඔබේ බ්ලෝග් අඩවියට ලිපි ලිවීමට හැකි වේ.

Now it is time to publish some post in your blog.You can change blog theme or add new pages to your blog.You can customize your blog as you wish.We will help you in that matter we hope to post new article series about blogging.

To add new post go to Post from the list in left side then click on Create a new post.Now you can write new posts to your blog.

How to make free blog blogspot create post

ගූගල් බ්ලෝගර් භාවිතා කර ඉතා සරල මට්ටමේ සිට සංකීර්ණ සහ අලංකාරවත් බ්ලොග් සැකසීමේ හැකියාව පවතී.එවැනි බ්ලොග් අඩවි කිහිපයක් පහත දක්වා ඇත.

Google blogger is very powerful tool.It can be used for simple to advance and beautiful blogs.Here are some blogs which created using blogger.

blogger examples

Adultxyzbasics.blogspot.com


blogger examples

Englishinsinhala.blogspot.com


blogger-examples-3

crakedinternetdownloadmanager.blogspot.com

 

බ්ලොග් ලිවීම පිලිබදව ඉදිරියේදි ගෙන එන ලිපි මලාවම කියවීමට අමතක නොකරන්න.බ්ලොග් ලිවීමේදී මතුවන ඕනෑම ගැටලුවකදී අපව සම්බන්ද කරගන්න.

Don’t forget to read our future articles about blogging.Feel free to ask any problem you face when blogging.

Comments