අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකි ක්‍රම 10ක්

 අන්තරජාලයෙන් මුදල් ඉපයීම ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් උවත්, තවමත් අප රටේ බොහෝමයක් දෙනා ඒ වෙනුවෙන් පෙළඹීමේ අඩුවක් දක්නට ලැබෙනවා. ඒ සඳහා බලපෑ හැකි හේතු කාරණා රාශියක් තිබිය හැකියි. ඒ කෙසේ වෙතත්, අන්තර්ජාලය මඟින් මුදල් ඉපයීම ඇත්තෙන්ම සාම්ප්‍රධායික ලෙස කාර්යාලයක රැකියාවක් කරවාට වඩා විශාල ප්‍රතිලාභ රැසක් අත් කර දෙනවා. ඊට අමතරම රැකියාවක් හෝ වෙනත් ව්‍යාපාරයක් කරන අතරතුර උවද අන්තර්ජාලයෙන් අමතර ආදායමක් උපයා ගැනීමට යොමු විය හැකියි. ඉතින්, අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකි දහසකුත් එකක් ක්‍රම අතරින්, වඩාත්ම ඵලදායී ක්‍රම දහයක් පිළිඹඳව මේ විස්තර කිරීම අවසානයේ ඔබ දැනුවත් වේවි.

Make Money Online

ඔබේ හැකියාවන් අලෙවි කරන්න

හැකියාවන් අලෙවිකිරීම යමු ඔබ අන්තර්ජාලය හරහා නිදහස් සේවා සපයන්නෙකු වීමයි. හැමෝම දන්නා වචනය නම් online freelancing කිරීමයි. අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි වඩාත්ම ප්‍රසිද්ධ ක්‍රමය වන්නේද මෙයයි. ලෝකය පුරාත්, ශ්‍රී ලංකාව පුරාත් විවිධ ක්ශේත්‍ර යටතේ නිදහස් සේවාවන් සපයන විශාල පිරිසක් සිටිනවා. ඉතා වැදකත් කරුණ නම්, ශ්‍රී ලාංකිකය නිදහස් සේවා සපයන්නන්ගෙන් සේවා ලබා ගැනීමට, බොහෝ රටවල සිටින සේවා දායකයන් සාපේක්ෂව වැඩි කැමැත්තක් දක්වනවා. ඒ බොහෝ දුරට, සේවා සදහා සාපේක්ෂව අඩු මුදලක් අය කිරීම සහ සේවාවේ ගුණාත්මක බව නිසයි. ඉතින් ඔබටත්, අන්තර්ජාලයේ විකිණිය හැකි ආකාරයේ හැකියාවක් තිබේනම්, මේ ක්‍රමය වෙත අනිවාර්යෙන්ම යොමු වීම වැදගත් වනවා. එසේ අලෙවි කල හැකි සේවා අතර පරිඝණක ග්‍රැෆික් නිර්මාණය, වෙබ් අඩවි නිර්මාණය සහ සංවර්ධනය, පරිඝණක ජාල කරනය (networking) ආශ්‍රිත සේවා, ලිපි ලිවීම, පරිඝණක ක්‍රීඩා නිර්මානය ආදිය ප්‍රධාන වනවා. ඊට අමතරව, අන්තර්ජාලය හරහා කල හැකි වෙනත් ඕනෑම කටයුත්තක් නිදහස් සේවා සපයන්නෙකු ලෙස ඔබට කළ හැකියි.

වෙබ් අඩවියක් නිර්මාණය කර Ad Sense හරහා ඉපයීම

ඔබ විවිධ වෙබ් අඩවි වලට පිවිසෙන විට නොයෙකුත් දැන්වීම් පල වනවා ඔබ දැක ඇති. මෙම දැන්වීම්, සාමාන්‍යයෙන් විශාල පරිශීලකයන් පිරිසක් පැමිණෙන ඕනෑම වෙබ් අඩවියක දැක ගත හැකියි. ඉතින් ඔබටත් සරලවම ඔබේම වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් නිර්මාණය කළ හැකියි. එය කුමණ කරුණක් සම්භන්ධයෙන්ද යන්න වැදගත් නොවේ. වැදගත් වන්නේ, ඔබගේ වෙබ් අඩවිය වෙත පැමිණෙන පරිශීලකයන්ට ප්‍රමාණවත් තරම් අන්තර්ගතයක් තිබෙනවාද යන්නයි. ඉතින්, ඔබ වෙබ් අඩවියක් ආරම්භ කල පසු සරලවම සහ නොමිලේම Ad Sense ගිණුමක් විවෘත්ත කර ගත හැකියි. එතැන් පටන් ඔබට, දැන්වීම ලබාගැනීම වෙනුවෙන් නියමිත කොන්දේසි සැපිරූ වහාම, Ad Sense හරහා ලැබෙන දැන්වීම් වලින් ඉපයීමට හැකියි.

You tube චැනලයක් නිර්මාණය කරන්න

ඇත්තෙන්ම you tube තුල විවිධ මාතෘකා වලට අදාල වන වීඩියෝවන් ට්‍රිලියන ගණනක් තෙබෙනවා. ඒ වගේම you tube හරහා මාසිකව මිලියන, බිලියන ගණන් උපයන්නන් සිටිනවා. ඒ Ad Sense හී ලියාපදිංචි වීමෙන් හා තවත් බොහෝ ක්‍රම වලිනි. You tube සඳහාද Ad Sense සක්‍රීය කර ගැනීම එතරම් අපහසු නොවන නමුත්, ඔබ වෙත ඉදිරිපත් කරන කොන්දේසි සැපිරීම අනිවාර්ය වනවා. You tube හරහා Ad Sense මඟින් ඉපයීමට අමතරව, වෙනත් අනුග්‍රාහක දැන්වීම් ප්‍රචාරයද අපට සිදු කල හැකියි. එසේම You tube  චැනලය හරහා විවිධ ආයතන වල නව නිශ්පාදන, හෝටල්, ආපනශාලා, review කිරීම හා ඒවා ජනතාවට හඳුන්වා දීම මඟින්ද විශාල මුදලක් උපයාගත හැකියි. කෙසේ වෙතත්, මේවා සිදු කිරීම සඳහා, ඔබ සතුව සැලකිය යුතු තරමේ ග්‍රාහකයන් පිරිසක් (Subscribers) සිටිය යුතු වනවා.

ඔබ දන්නා දේ උගන්වන්න

අන්තර්ජාලය හරහා ඉගෙනුම්, ඉගැන්වීම් කිරීම, මේ වන විට ලොව ප්‍රචලිත වෙමින් පවතින අධ්‍යාපන ක්‍රමයකි. එම නිසා, අනිවාර්යෙන්ම ඔබේ හැකියාවට නිසි තැනක් ලැබෙනවා. ඔබට කිසියම් හෝ විෂය ක්ශේත්‍රයක් කෙරෙහි මනා දැනුමක් තිබේනම් සහ එය ඉතා හොඳින් තවකෙකුට ඉගැන්විය හැකිනම් මේ ඔබේ අවස්ථාවයි. ඔබට ඉංග්‍රීසි මෙන්ම වෙනත් අන්තර්ජාතික භාෂාද හැසිරවිය හැකිනම්, ඔබට සේවය සැපයිය හැකි ප්‍රජාව අති විශාල වනවා. අන්තර්ජාල ඉගෙනුම් සඳහා ප්‍රසිද්ධ ක්‍රම වනුයේ video conference, සකසන ලද වීඩීයෝ, PDF ආකාරයට සැකසූ නිබන්දන, වෙබ් අඩවි ලිපි හරහා ඉගැන්වීම ආදියයි.

Drop shipping ක්‍රමය හරහා භාණ්ඩ විකුණන්න

ඉතා සරලවම පවසනවානම් මෙහිදී වන්නේ ඔබ අතරමැදියෙකු බවට පත්වී ආදායම් ඉපයීමයි. මෙහිදී ඔබ සිදු කල යුතු වන්නේ, භාණ්ඩ විකුණන යම් කිසි ප්‍රසිද්ධ වෙබ් අඩවියක ඇති භාණ්ඩ ඔබ විසින් නිර්මාණය කළ වෙබ් අඩවියක දැක්වීමයි. එවිට ඔබගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන පාරිභෝගිකයෙකු යම් භාණ්ඩයක් ඇණවුම් කල විට ඔබ කල යුත්තේ ඒ පුද්ගලයාගේ විස්තර ඇතුලත් කොට අදාල භාණ්ඩය ප්‍රධාන වෙබ් අඩවියෙන් ඇණවුම් කිරීමයි. ඒ සඳහා ගෙවීම සිදු කල යුත්තේ ඔබ වන අතර, ඔබ වෙත පැමිණෙන පාරිභෝගිකයා ඔබ වෙත ඔබේ වෙබ් අඩවියේ සඳහන් වන මුදල ගෙවයි. ඉතින්,ඔබ එම ක්‍රියාවලියෙන් ඉපයීමට නම් ඔබගේ වෙබ් අඩවියේ සඳහන් කරන මිල, භාණ්ඩයේ සාමාන්‍ය මිලට වඩා තරමක් වැඩි මුදලක් විය යුතුයි. එසේම මෙය ලෝකය තුල අතිශයින්ම නීත්‍යානුකූල ක්‍රමයක් වන බවද කිව යුතුයි.

Forex වෙළඳපොලේ ආයෝජනය කිරීම

බොහෝ දෙනා මුදල් බැංකුවේ ස්ථාවර ගිණුමක තැන්පත් කිරීමට පෙළබුනත්, ආයෝජනයන් වෙත පෙළබීමේ අඩුවක් තිබෙනවා. නමුත් මුදල් ආයෝජනය කිරීම යනු, මුදල් ඉපයීමට ඇති හොඳම විකල්පය ලෙස හැදින්වීමේ වරදක් නැහැ. ඉතින් අන්තර්ජාලය හරහා ආයෝජනය කළ හැකි ක්‍රම රාශියක් තිබුනඳ, forex හී ආයෝජන ඒ අතරින් විශ්වශනීය හා ඉක්මන් ක්‍රමයක් වනවා. Forex හීදී සිදු වන්නේ විදේශ විනිමය හුවමාරුවේදී සිදු වන වටිනාකම් වෙනස් වීම් වල ආයෝජනය කිරීමෙන් ආදායම් ඉපයීමයි. කෙසේ වෙතත් මෙය හැදින්වෙනේ වැඩි අවදානම් ඇති, වැඩි ප්‍රතිලාභ ඇති ක්‍රමයක් ලෙසයි. ඉතින්, ඔබ forex හී ආයෝජනය කරන්නේ නම් ඒ පිළිබඳ මනා දැනුමකින් යුතුව ඒ වෙත යොමු වීම වැදගත් වේවි.

ඔබගේම නිර්මාණ අලෙවි කරන්න

 මෙය ඔබට නිදහසේ සහ විනෝදයෙන් කළ හැකි කාර්යක්. එනම් ඔබ විනෝදාංශයක් ලෙස කරන හෝ ඔබට දක්ශ ලෙස කල හැකි අත්කම් නිර්මාණ, චිත්‍ර ඇදීන්, ඇදුම් වලට මෝස්තර එකතු කිරීම් ආදිය මෙන්ම, ඔබ සතුව ඇති ඡායාරූප හා වීඩියෝ පවා අලෙවි කල හැකියි. ඔබට ඒ සඳහා ඔබේම වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම, වෙනත් භාණ්ඩ විකුණන වෙබ් අඩවියක පළ කිරීම මෙන්ම ෆේස්බුක් පිටුවක් සෑදීම මඟින්ද තම නිර්මාණ අලෙවි කල හැකියි.

E – books ලියා පල කරන්න

අතීතයේ නම් පොතක් ලියා, එය පල කරනවා යනු එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. පොත ලිවීමට අවශ්‍ය කඩදාසි වල සිට, යතුරු ලියනය, මුද්‍රණය, බෙදා හැරීම ආදී බොහෝ ක්‍රියාවලීන් සඳහා විශාල පිරිවැයක් වැය වූවා. නමුත් වර්ථමානයේ එය එතරම් අපහසු නොවේ. ඒ සඳහා ඔබ සතුව පරිඝණකයක්, ලිවීම සඳහා මෘදුකාංගයක් හා අන්තර්ජාල සම්භන්ධතාවක් තිබීම පමණක් ප්‍රමාණවත්. ඔබට ඇතිතේ, පරිඝණකයෙන් ලියන ග්‍රන්ථය මුදලක් නියම කොට අන්තර්ජාලයේ පල කිරීමයි. මේ ක්‍රමය හරහා මාසිකව උපයන බොහෝ පිරිසක් ලොව පුරා සිටිනවා.

ඔබේ ආහාර නිශ්පාදන වලින් උපයන්න්න

මෙය තවමත් එතරම් ප්‍රචලිත ක්‍රමයක් නොවුනත්, නගරබදව නම් මෙම ක්‍රමය ඕනෑ තරම් දැක ගත හැකියි. එනම් වෙබ් අඩවියක් හරහා ආහාර සපයන්නන් සහ ආහාර ඉල්ලුම් කරුවන් එකිනෙක සම්භන්ධ කරන සහ, එම ආහාර බෙදාහරින ජාලයක, ආහාර සපයන්නෙකු වීමයි. මේ සඳහා දැනට ශ්‍රී ලංකාව තුල Pick me foods සහ Uber eats යන සේවාවන් ක්‍රියත්මකයි. ඉතින්, එම ආයතන ලබා දෙන කොන්දේසි සපුරාලමින්, ආහාර සපයන්නෙකු ලෙස ඔබට ලියාපදිංචි විය හැකිනම් එය විශාල අවස්ථාවක් වනවා.

වෙබ් අඩවි හරහා ඔබේ වත්කම් කුලියට ලබා දීම

ඔබ සතුව ඇති වාහන, නිවාස, වෙනත් ඕනෑම බඩු බාහිරාදියක් විවිධ වෙබ් අඩවි හරහා කුලියට දීමට හැකියි. උදාහරණ ලෙස ගතහොත්, රටට පැමිණෙන විදේශිකයට ඔවුන්ගේ සංචාරක කටයුතු වලට මෙන්ම, ටැක්සි සේවා සඳහා ඔබේ වාහනය කුලියට දීමට හැකියි. එසේම සංචාරකයන්ට, පහසුකම් සහිත ඔබගේ අමතර කාමර හෝ නිවාස කිලියට දීමට හැකියි.

ඉතින්, මෙහි සඳහන් කර ඇතිතේ අන්තර්ජාලයෙන් ඉපයිය හැකි වඩාත් ප්‍රචලිත ක්‍රම දහයක් පමණි. මේ ක්‍රම වලින් එකක් හෝ ඕනෑම අයෙකුට ආරම්භ කළ හැකි මට්ටමේ ඒවා වීමද විශේෂත්වයක්.

 උපුටා ගැනීම - https://topsinhalablog.com/10-ways-make-money-online/


Comments