ඔබ අන්තර්ජාලය හරහා ව්‍යාපාරයක් කිරීමට සිතුවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපනයේ ඇති වැදගත්කම
අපේ රටේ පවතින විභාග කේන්ද්‍ර කොටගත් අධ්‍යාපන ක්‍රමය තුළ, නිර්මාණය කිරීමට උත්සාහ ගන්නේ රැකියාවක් කරන පුරවැසියෙක්. නමුත්, දියුණු වන ලෝකය තුල රැකියාවක් කිරීම යනු ඇත්ත වශයෙන්ම එතරම් වැදගත් කාරණයක් නොවන බව ඔබට වැටහී ඇති. ඉතින් ඒ සඳහා වන හොඳම විකල්පය වන්නේ අන්තර්ජාලය හරහා ඉපැයීම් මාර්ගයක්, නැතිනම් නිදහස් ව්‍යාපාරයක් ගොඩනංවා ගැනීමයි. නමුත්, ඒ සදහා අධ්‍යාපනයේ ඇති වැදගත්කම කෙබඳුද?. අපි ඒ ගැන සලකා බලමු.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ දැනුම සහ ඉංග්‍රිසි භාෂා දැනුම
අන්තර්ජාලය හැසිරවීම සඳහා සුළු දැනුමක් තිබීම ප්‍රමාණවත් වුවත්, අන්තර්ජාල ව්‍යාපාර කටයුත්තක නියැලෙනවා නම් ඔබට අනීවාර්යෙන්ම, අමතර තොරතුරු තාක්ෂණ දැනුමක් සහ ඉංග්‍රීසි භෂාව පිලිබඳ දැනුමක් තිබිය යුතුයි. මක් නිසාද යත්, ඔබගේ බොහෝ ගනුදෙනු සිදුවන්නේ, අන්තර්ජාතික වෙබ් අඩවි හරහා වන අතර, සියලු පරිඝනක සහ අන්තර්ජාතික කටයුතු සඳහා ඉංග්‍රීසි භාෂාවද අත්‍යාවශ්‍යම වනවා. ඉතින්, අන්තර්ජාල ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වන ඔබට, සාම්ප්‍රධායික අධ්‍යාපනය කෙසේ වෙතත්, තොරතුරු තාක්ෂන දැනුම හා ඉංග්‍රීසි දැනුමක් තිබීම අනිවාර්ය වන බව, ඔබට වැටහෙනවා ඇති.
දැන සිටිය යුතු තවත් දේ බොහෝමයි
ඔබ ඔබගේම අන්තර්ජාල ව්‍යාපාරයක් කරන විට ඔබගේ දැනුම පිරික්සීමට ඔබට ඉහලින් අයෙකු නොමැති බව සැබෑවකි. නමුත්, අන්තර්ජාල ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා, ඉහත සඳහන් කල තොරතුරු තාක්ෂණ දැනුම සහ ඉංග්‍රීසි දැනුමට අමතරව දැන සිටිය යුතු බොහෝ දේ තිබෙනවා. උදාහරණ කිහිපයක් ගත හොත්, ව්‍යාපාරයට නම්ක් යෙදීමේදී හෝ ලියාපදිංචි කිරීමේදී අනුගමනය කළ යුතු නීති රීති සහ සලකා බැලිය යුතු කරුණු, අන්තර්ජාල ව්‍යාපාර වෙනුවෙන් ඇති සීමාවන් හා රජයේ බදු, විදේශ විනිමය හුවමාරු කිරීම්, බැංකු ගණුදෙනු ආදී සරල නමුත් අත් හැරිය නොහැකි බොහෝ කරුණු ඒ අතර ප්‍රධාන වනවා. ඊට අමතරව, ව්‍යාපාර කළමණාකරනය පිළිබඳව සරල දැනුමක් තිබීම ඔබට දීර්ඝ කාලීන ශක්තියක් වේවි.
ව්‍යාපාරයක් ආරම්භ කරන තුරු රැකියාවක් කිරීමට උවහොත්?
අන්තර්ජාල ව්‍යාපාරයක් ආරම්භ කිරීම සරලවම සිදු කිරීමට ඕනෑ තරම් අවස්ථාවන් තිබුනද, සමහර විට ඒ සඳහා විශාල ආරම්භක පිරිවැයක් යෙදිය යුතු අවස්තාද තිබෙනවා. ඉතින්, එවැනි ආරම්භක ප්‍රාග්ධනයක් අප සතුව නොමැති නම්, ඒ මුදල උපයා ගැනීම සඳහා කිසියම් හෝ රැකියාවක් කිරීමට සිදු වනවා. ඉතින්, ඒ වෙනුවෙන් ඔබ ප්‍රමාණවත් නිසි අධ්‍යාපනයක් ලබා තිබීම අතිශයින්ම වැදගත් වනවා. ඔබ ලබා ඇති අධ්‍යාපනය උසස් එකක් වෙත්ම, ඔබට ලැබෙන වැටුපද විශාල එකක් වනවා. එය ඔබේ අන්තර්ජාල ව්‍යාපාර සිහිනයට ඔබව ඉක්මනින් රැගෙන යාමටද සමත් වේවි.
Comments
Post a Comment