e - දිරිය “අනාගත ඉංඡිනේරුවෝ”


e - දිරිය “අනාගත ඉංඡිනේරුවෝ” අධ්‍යාපනික ශිෂ්‍යත්ව අයදුම් පත පත්‍රය ශිෂ්‍යත්වය හිමි පාඨමාලා පිළිබද විස්තර :- මෙම පරිගණක පාඨමාලාව මගින් දරුවාගේ පරිගණක හා ඉංග්‍රීසි භාෂා දැනුම වචනයෙන් විස්තර කල නොහැකි අයුරින් ඉහල නංවන අතර අනාගතයේදි පරිගණක හසුවරන්නන් නොව පරිගණක වැඩසටහන් නිර්මාණ කරන්නන් තුල ඇතිවිය යුතු තාර්කික පදනම ඇති කරනු ඇත. මෙහි ඇති අන්තර්ගතය මෙතෙක් කාලයක් තුල ගුරුභවතුන්ටද පරිගණක යම් දැනුමක් ඇත්තන්ටද නිසි පුහුණුවක් නැති බව ඉතා වගකීමෙන් යුතුව කිව යුතුව ඇත. මෙම පාඨමාලාව තුල දරුවා විනෝදයෙන් උනන්දුවෙන් ඉංග්‍රීසි භාෂාව හදාරන අතර එය පරිගණකය හොදින් ඉගෙනීමට මෙන්ම ඉගෙනුම් උපකරනයක් ලෙස භාවිතයට හුරුකරවීම නියත වශයෙන් සිදුවනු ඇත. අප ඔබේ දරුවන් හරහා අස්වැද්දිම කරනුයේ ඉදිරි වසර 5ක් 10 ක කාලයක් තුල අස්වැන්න නෙලිය හැකි මිල කල නොහැකි භෝගයකි. ඒ අනාගත ඉංඡිනේරුවෝ නම් භෝගයයි........... අස්වැන්න හොද යැයි සිතේනම් අඛණ්ඩව දරුවා සමග දෙමාපිය සම්බන්දයද මේ සදහා අනිවාර්යයෙන්ම ලැබිය යුතුය. පාඨමාලා අන්තර්ගතය #AlgoHack | microbit | Arduino Software (IDE) on Windows machines Pin_0_Led- Microsoft MakeCode | Step Into IOT | Step Into Robotics …….etc STEM (හෙවත් විද්‍යාව තාක්ෂණය ඉංඡිනේරු ගණිතය ) යන නව ඉගෙනුම් ක්‍රමවේදය මත මෙම පාඨමාලාව මෙහෙයවනු ලැබේ. ආයතනයේ නීති රීති 01. ශිෂයත්වලාභියා කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් සිසුවෙකු විම අනිවාර්ය වේ. 02. ශිෂ්‍යත්වලාභීන් අඛණ්ඩව පරිගණක හා ඉංග්‍රීසි පාඨමාලා සදහා සහභාගී විය යුතුය. 03. පාඨමාලා කාලය තුල පවත්වන මාසික හා ඒකක පරීක්ෂණ සදහා පෙනීසිටීම අනිවාර්ය වේ. 04. පාඨමාලාවහි ලබා දෙන පැවරුම් හා ව්‍යාපෘති නියමිත දිනට භාර දිය යුතුය. 05. ලංකාවේ ප්‍රවීන පරිගණක සම්පත් දායකයන් සහභාගිවන වැඩමුලු සදහා අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුවේ. 06. අසනීප හා නොවැලැක්විය හේතුමත සහභාගි නොවේ නම් භාරකරුගේ ලිඛිතව ඉල්ලීම් කල යුතුය. 07. නොදන්වා පාඨමාලාවට සහභාගි නොවීම ශීෂ්‍යත්වය අවලංගු වීමට හේතු වේ. 08. ආයතනය කැදවන දෙමාපිය රැස්වීම් සදහා භාරකරුවෙකු සහභාගි වීම අනිවාර්ය වේ. 09. 2017/11/02 දින ප.ව 2.30 පෙර කලාපීය තොරතුරු සංනිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය වව්නියා පාර කැබිතිගොල්ලෑව ( රෝහල ඉදිරිපිට) ආයතනයහි ලියාපදිංචිය අනිවාර්යවේ. 10. මෙම වැඩසටහන පිළිබද තම පාසලේ සියලු සිසුන් පංතිභාර ගුරුභවතා මගින් දැනුවත්කරවීම සියලු විදුහල්පති වරුන්ගෙන් අපේක්ෂා කරමි. 11. කිසිම හේතුවක් මත පාඨමාලා අතරතුර සිසුන් බදවා නොගන්නා බව අවධාරනය කරමි. 12. ආයතනයේ ලබා දෙන ඉගෙනුම් උපකරණ හා සටහන් පොත් දෛනිකව රැගෙන ආ යුතු අතර එසේ නොවන්නන් පාඨමාලාවෙන් බැහැර කරනු ඇත. 13. පරිගණක පාඨමාලාවේ අවසානයේ පවත්වන ලිඛිත හා ප්‍රායෝගික විභාගයෙන් සමත් වුවන්ට පමණක් සහතික පත් නිකුත් කරනු ඇත. මෙම විභාග ඔබගේ දරුවා මුහුණදුන් ශිෂ්‍යත්වයට වඩා සරලය. 14. ආයතනය තුල හෝ ඉන් බැහැර විනය විරෝධීව හා අශෝභන හැසිරිම් ශිෂ්‍යත්වය අවලංගු විමට හේතු වේ. 15. මෙම සමස්ථ අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන සදහා කලාපීය තොරතුරු සංනිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය විශාල මුදලක් හා කාලයක් කැපකරමින් භාහිර දේශකයන්ට ගෙවීම් කරන හෙයින් ඉන් ශිෂ්‍යත්වලාභියා උපරිම ලෙස ඉගෙනුම් කාර්යයේ ඵලදායි ලෙස යෙදිම අනිවාර්ය වන අතර තම දෙමාපියන් ඒ පිළිබදව නිසි නිරීක්ෂකයා ලෙස සහයෝගය දැක්විය යුතුය.(මෙම පාඨමාලාව රටේ ප්‍රධාන නගරවලදී රුපියල් 24000.00 වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අවදාරනය කරමි.) 16. පාඨමාලා කාලයහි ආයතන පරිශ්‍රය තුල ශිෂ්‍යත්වලාභියාගේ ආරක්ෂාවට වගකියන අතර ඉන් බැහැරව දි දෙමාපියන් තම දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය සපයා ගත යුතුය. 17. “e - දිරිය ‍අධ්‍යාපනික ශිෂ්‍යත්වය” මගින් දැයේ දරුවන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගන්වන ක්‍රියාන්විතයට ශිෂ්‍යත්වලාභියා මෙන්ම දෙමාපියන් හෝ භාරකරුවන් ඉහත වගන්ති හොදින් තේරුම් ගෙන පරිපාලන කටයුතු සදහා නිසි සහයෝගය කලාපීය තොරතුරු සංනිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයට ලබා දිය යුතුය. 18. ඉගෙනුම් මානසිකත්වයක් නැති දෙමාපිය උනන්දුවද අඩු දරුවන් පාඨමාලාවෙන් ඉවත්කිරිම යනු කලාපීය තොරතුරු සංනිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයට විශාල ලෙස වියදම් අඩු විමකි. එහෙයින් අප නිරන්තරයෙන් දරුවාගේ පැමිණීම සහභාගීත්වය ඉගෙනුම් ප්‍රගතිය හා කැපවිම අධීක්ෂණය කරනු ලැබේ. 19. දෙමාපිය ධනය විශාල ලෙස ඉතිරි කර දෙමින් දරුවන්ගේ අධ්‍යාපනික හැකියාවන් අගයමින් දිරිගැන්වීමට අප විසින් නොමිලේ ලබා දෙන “e - දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්වය” නොසලකා හරිමින් හා ඊට ප්‍රමුඛතාව දි ක්‍රියා නොකරන බව සනාථ වුහහොත් ප්‍රධානය කල ශිෂ්‍යත්ව අවලංගු කිරිම සදහා ආයතන කළමණාකාරිත්වය කටයුතු කරන බව දැඩිව අවධාරණය කරමි. ඉහත සදහන් පාඨමාලා හදුන්වා දිමේ විස්තර හොදින් කියවා බලා නිසි අධ්‍යයනයකින් පසුව ආයතනයේ ඉහත වගන්ති වලට එකගව අයදුම් පත සම්පූර්ණ කරන ලද අතර ඉදිරිපත්කල තොරතුරු මාගේ දැනීමට අනුව නිවරදි බව ප්‍රකාශ කරමි. ______________________ භාරකරුගේ අත්සන විදුහල්පති නිර්දේශය :- ඉහත ශිෂ්‍ය / ශිෂ්‍යාවගේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල අනුව ලබා ගත් ලකුණු හා පාසලේ ශිෂ්‍යභාවය පිළිබද ඉදිරිපත් කල තොරතුරු නිවරදි බව සහතික කරමි. ________________________ විදුහල්පති අත්සන හා නිල මුද්‍රාව

Comments