සහතික පත්‍ර බෙදා දීම 2015.03.29 දින කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී

2014 වර්ෂයේ නැණසල මඟින් පැවැත් වූ පරිගණක පාඨමාලා සාර්ථකව නිම කල සිසුන් 91 දෙනෙක් ට සහ ජාත්‍යන්තරය පිළිගන්නා Intel easy step පාඨමාලාව සාර්ථකව නිම කල සිසුන් 7 දෙනෙකුට සහතික පත්‍ර බෙදා දීම 2015.03.29 වන දින කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී ‍පෙ.ව 10.00 ආරම්භ කල අතර එය බුද්ධ ශාසන හා ප්‍රජාතන්ත්‍රීය පාලන ගරු නියෝජ්‍ය අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් හා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරි ගල්කන්දෑවේ සුමරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා නැණසල ව්‍යාපෘති කළමණාකරු එස්.පී.එම්. දිලිප් කුමාර මහතාගේ ම්‍ග පෙන්වීමේන්, නැණසල කාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් හා කැබිතිගොල්ලෑව දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි තුමා හා මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තුමා, ආපදා කළමණාකාර නිළධාරි තුමා , රථවාහන ස්ථානාධිපති තුමා, විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති වසන්ත බී. ගුණවර්ධන මහතා , කැබිතිගොල්ලෑව ඩිපෝ කළමණාකාර තුමා යන ආරාධිත අමුත්තන් සහ ප්‍රදේශවාසින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි. එහි ඡායාරෑප කිහිපයක් ........

Comments