නැණසල e - දිරිය පරිගණක අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන

නැණසල e - දිරිය පරිගණක අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන

2013 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන්  විශිෂ්ටතා දැක්වූ දූ දරුවන් වෙනුවෙන් ලබා දෙන නැණසල  e -දිරිය පරිගණක අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන
නැණසල  e - දිරිය පරිගණක අධ්‍යාපනික ශිෂ්‍යත්ව ගිවිසුම් පත්‍රය
01.   ශිෂ්‍ය / ශිෂ්‍යාවගේ නම      :-­­­­­­­­­­­_________________________________________________________
02.   ඉගෙනුම ලබන පාසල      :-  අ / කැබිතිගොල්ලෑව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය
03.   ඉගෙනුම ලබන ශ්‍රේණිය  :-  5 ශ්‍රේණිය
04.   ශිෂ්‍යත්වය හිමි පරිගණක පාඨමාලා          ව පිළිබද විස්තර
මෙම පරිගණක පාඨමාලාවේ මූලික අරමුණු  වනුයේ පරිගණකය ඉගෙනුම් උපකරණයක් ලෙස භාවිතයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙළබවීම හා  විද්‍යූත් අධ්‍යාපනය සදහා දරුවන් යොමු කිරීම හා පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීමයි.
සහභාගිවිය යුතු දිනය හා වේලාව  නැණසල ආයතනය විසින් ඉදිරියේදි පවත්වන පළමු ආරම්භක රැස්වීමෙදි ලබා දීමට කටයුතු කරනු ඇත.
ආයතනයේ නිති රීති
01.    ශිෂ්‍යත්වලාභීන් අඛණ්ඩව පාඨමාලා සදහා සහභාගී විය යුතුය.
02.    පාඨමාලා කාලය තුල පවත්වන ඒකක පරීක්ෂණ සදහා පෙනීසිටීම අනිවාර්ය වේ.
03.    පාඨමාලාවහි ලබා දෙන පැවරුම් හා ව්‍යාපාති නියමිත දිනට භාර දිය යුතුය.
04.    අසනීප හා නොවැලැක්විය හේතුමත සහභාගි නොවේ නම් භාරකරුගේ ලිඛිතව ඉල්ලීම් කල යුතුය.
05.     නොදන්වා පාඨමාලාවට සහභාගි නොවීම ශීෂ්‍යත්වය අවලංගු වීමට හේතු වේ.
06.     ආයතනය කැදවන දෙමාපිය රැස්වීම් සදහා භාරකරුවෙකු සහභාගි වීම අනිවාර්ය වේ.
07.     නොමිළේ ලබාදෙන  පාඨමාලා ප්‍රවේශ පත්‍රය ලබා ගැන්මට ශිෂ්‍යත්ව ප්‍රදාන පත්‍රය ඉදිරිපත් කල යුතුය.
08.    පරිගණක පාඨමාලාවේ අවසානය දක්වා අඛණ්ඩව සහභාගි  වුවන්ට පමණක් සහභාගීත්ව සහතික පත් නිකුත් කරනු ලැබේ.
09.    ආයතනය තුල හෝ ඉන් බැහැර විනය විරෝධීව හා අකීකරු හැසිරිම් ශිෂ්‍යත්වය අවලංගු විමට හේතු වේ.
10.     මෙම සමස්ථ පාඨමාලාව නොමිලේ ලබා දෙන අතර අතිරේකව ලබා දෙන නිබන්දන හෝ ඉගෙනුම් උපකරණ ගාස්තු නැණසල ආයතනයට ගෙවිම හැර කිසිදු මුදලක් වෙනත් අයහට ගෙවිම තහනම්ය.
11.     මෙම සමස්ථ අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන සදහා ණැනසල ආයතනය විශාල මුදලක් කැපකරමින් භාහිර දේශකයන්ට ගෙවන හෙයින් ඉන් ශිෂ්‍යත්වලාභියා උපරිම ලෙස ඉගෙනුම් කාර්යයේ ඵලදායි ලෙස යෙදිම අනිවාර්ය වන අතර තම දෙමාපියන් ඒ පිළිබදව නිසි නිරීක්ෂකයා ලෙස සහයෝගය දැක්විය යුතුය.
12.    පාඨමාලා කාලයහි  ආයතන පරිශ්‍රය තුල   ශිෂ්‍යත්වලාභියාගේ ආරක්ෂාවට වගකියන අතර ඉන් බැහැරව දි දෙමාපියන් තම දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය සපයා ගත යුතුය.
13.    නැණසල e - දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්වය මගින් දැයේ දරුවන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගන්වන ක්‍රියාන්විතයට ශිෂ්‍යත්වලාභියා මෙන්ම දෙමාපියන් හෝ භාරකරුවන් ඉහත වගන්ති හොදින් තේරුම් ගෙන පරිපාලන කටයුතු සදහා  නිසි සහයෝගය නැණසල ආයතනයට ලබා දිය යුතුය.
14.     දෙමාපිය ධනය විශාල ලෙස ඉතිරි කර දෙමින්  අප විසින් නොමිලේ ලබා දෙන නැණසල e - දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්වය නොසලකා හරිමින් හා ඊට ප්‍රමුඛතාව දි ක්‍රියා නොකරන බව සනාථ වුවහොත් ප්‍රධානය කල ශිෂ්‍යත්ව අවලංගු කිරිම සදහා ආයතන කළමණාකාරිත්වය කටයුතු කරන බව අවධාරණය කරමි.
දිනය:- 2013/11/20                                                                                                    
    ______________________
                                                                                                                                                    ව්‍යාපෘති කළමණාකරු


ඉහත ගිවිසුම් පත්‍රය හොදින් කියවා බලා ඉහත වගන්ති වලට එකගව මගේ දරුවාට නැණසල e - දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.

භාරකරුගේ නම හා ලිපිනය  :- ...........................................................................................................................................

...........................................................................................................................................................................................

                                                                                                                භාරකරුගේ අත්සන   ...........................................

මෙම ගිවිසුම් පත්‍රය සම්පූර්ණ කර 2013/11/22 ප.ව. 5 ට පෙර නැණසලට පැමිණ භාරදිය යුතුය. 

Comments